Monday, December 22, 2014

ගුගල් පරිවර්තකය සහ සිංහල භාෂාව සහ අනාගතය.(Future of Google Sinhala Translator)


මෑතකදී ගුගල් සිංහල පරිවර්තකය වැඩ අරඹන ලදී. ඒය ක්‍රියාත්මක වූ විට හුරේ කියා ඇතැම්හු ලිපි පළකලද. මටනම් එය ලොකු ජයක් නොවේ. මෙය මේ මට්ටමට ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව  ඒ සඳහා මහන්සි වූ සැමට ස්තුතිය පිරිනැමිය යුතුය. මෙහි ඉදිරිය යහපත් කිරීම ගුගල් සතු වගකීමක් නොව අප සතු වගකීමකි. අපගේ යුතුකම නම් එය භාවිතා කර එහි වැරදි පෙන්වා දීමයි. දැනට පරිවර්තකය වැඩ කලද එය ප්‍රයෝගිකව සාර්ථක නොවේ. එසේ වුවත් අඩු තරමින් දිනකට වාක්‍ය 10 හෝ සහිත ලිපියක් එමගින් පරිවර්තනය කර එහි වැරදි අපි පෙන්වාදෙන්නේ නම්. ඉංග්‍රීසි බැරි අපගේ හිතවතුන්ට එය අනගාතයෙදී ලොකු උපකාරයක් වනු නියතය.
මුලින්ම එය ප්‍රයෝගිකව කරන ආකාරය සලකා බලමු 

මෙහි සිංහල පරිවර්තනය පෙන්වන කොටුව පහල වම් පැත්තේ ඇති පැන්සල සහිත අයිකනය ක්ලික් කරන්න. ඉන්පසු 
නිවැරදි වැකිය ඇතුලත් කර contribute කරන්න.

මෙසේ නිවැරදි කරන විට අනිවාර්යෙන්ම අක්ෂර වින්‍යාසය සහ වියරණ සැලකිල්ලට ගන්න. එසේම ඉංගීසි ලිපියේ කාල භේදය සහ කර්මකාරක කතෘකාරක වැනි ස්වාරුපයන් එසේම සිංහල පරිවර්තනයට එන පරිදි පරිවර්තනය දෙන්න. ව්‍යාකරණ සහ අක්ෂර වින්‍යාස නොසලකා ගුගල් පරිවර්තකය වැඩි දියුණු කරන්න අපේ අය ගියොත් වන්නේ එහි නිවැරදි තාවය තවත් හීන වීමයි. එබැවින් එය කරන විට වගකීම් සහිතව කරන්න. දැනටම අපේ අය එහි මලපහ කර ඇති බව පෙනේ.

කෘතීම බුද්ධියක් රහිතව කවදාවත් පරිවර්තන කාර්යක් 100 % සාර්තක්කව යන්ත්‍රයකට කල නොහැක. දැනට එම ක්ෂේත්‍ර පරීක්ෂණ මට්ටමේ පවතී. ගුගල් පරිවර්තකය ක්‍රියාත්මක වන්නේ කෘතීම බුද්ධියට ආදාලම ක්ෂේත්‍රයක් වන machine learning ක්‍රමය යටතේය මෙහිදී යම් ඉංග්‍රීසි වාක්‍යකට ගැලපෙන සිංහල වාක්‍ය රටාව අඳුනා ගැනීම පුද්ගලයකුගේ පෙන්වා දීමකින් තොරව ඉබේ හඳුනා ගනු ලබයි. සිංහල සහ ඉංග්‍රීසි යනු වියරණ නීති වලින් දුරස්ථ භාෂා දෙකකි. සිංහල භාෂාවේ ඇති ලිංග භේදය, ගෞරවාර්ථ වාක්‍ය රටා. ඉංග්‍රීසිය තුල නැත. ඒවා අඳුනා ගැනීමට ගුගල් දැනට භාවිතා කරන ඇල්ගොරිතමය වලට පහසු නොවේ. වත්මන් ක්‍රමවේද යටතේ 100% තියා තේරුම අතින් 90% සහ වයාකරණ අතින් 70% වත් නිවැරදි තාවයක් බලාපොරෝහ්තු වීම විහිළුවකි. කෙසේ වුවත් ඒ මට්ටමට හෝ අපේ උනන්දුව මත ගත හැක. එසේ වුවහොත්. ඉන් ලබා ගන්නා දල පරිවාර්තනය මිනිස් සහය සහිහව වැඩි දියුණු කර වැඩි ලිපි ප්‍රමාණයක් පහසුවෙන් පරිවර්තනය සඳහා එය යොදා ගත හැක.

එසේම ගුගල් පරිවර්තකය තුල සැඟවුණු රාක්ෂයෙක් සිටී. එනම් දායක වන්නන්ගේ වගකීම් විරහිත ස්වභාවය  නිසා සහ ගුගල් පරිවර්තකයේ නොහැකියාව නිසා පිටවන වැරදි අක්ෂර වින්‍යාස සහ වයාකරණ නිසා සිංහල බසට වන හානියයි. මේ හානියට ගුගල් පරිවර්තකය මගින් වෙබ් අඩවියක් පරිවර්තනය කර එසැනින් බලා ගැනීමේ හැකියාව හේතු වේ. එබැවින් ඉගෙන ගන්න සිසුවෙක්  හෝ වෙනත් අයෙකුට  වැරදි වාක්‍ය රටා සහිත ලිපි විමර්ශනයක් රහිතව කියවා වැරදි වාක්‍ය රටා මනසට ගියවිට ඔහුටද වැරදි වාක්‍ය රටා නොදැනුවත්ව ලියවීමට හේතු වේ. එය බසට වන හානියකි.

මෙන්න ගුගල් පරිවර්තකයෙන් එන  විහිළු.
My sister in law is pregnant = නීතිය මගේ සහෝදරිය ගැබිනි වේ.
he wash his hand after going toilet = ඔහු වැසිකිළි යාමෙන් පසු ඔහුගේ අත සෝදන්න
i will fuck you = මම ඔයාට බැරිද ඇත
he is throwing rice to pigeons to eat = ඔහු කෑම කන්න පරෙවි සහල් වීසි කරයි
What makes a guy enjoy a female's company? = මොන ගයි කාන්තා මහතාගේ සමාගම භුක්ති වන්නේ කෙසේද?
We finished the test at the same time.= ඒ විධියට පරීක්ෂණ අවසන්.

Tuesday, December 16, 2014

හුරේ මෙවරත් අපිම තමයි එක (We are the first)


ලංකාව කියන්නේ ආසියාවේ ආශ්චර්යම තමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නැත්නම් දැනට බලන්න පුළුවන් දත්ත අනුව පසුගිය වසර 4 දී  මේ අංශයෙන් ලෝකයෙන්ම එක වෙලා තියෙන්නේ අපේ අය. අපිව පරද්දන්න බංගලි කාරයෝ, ඉන්දියන් කාරයෝ, ඉතියෝපියන් කාරයෝ ලොකු ට්‍රයි එකක් ගත්තා මෙවරත් එත් අපි දිනුවා. මේ ජයග්‍රහණයට දායක වූ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය හා පුද්ගලික අංශ සේවකයන්, විශ්‍රාමික පුද්ගලයන් ඇතුළු සැමට සුබපැතුම්.

කෝ කෝ තවම කියන්න බැරි වුනා නේ මේ ජයග්‍රහණය කුමන අංශයකින්ද කියලා. මෙවරත් අපි දිනුවේ ගුගල් වල sex සර්ච් කරලා. මෙන්න ජයග්‍රාහී රටවල්
google sex search 2014
ලොකු කරන්න ක්ලික් කරන්න

වෙන එකක් තබා අපි කොතරම් දියුණුද කියනවා නම් ජොබ් ගැන ගොසිප් ගැන සින්දු ගැන සොයනවාටත් වඩා අපි සෙක්ස් ගැන හොයනවා. මෙන්න දියුණුව
Compare Sex. Gossip, Jobs, Video, Songs
ලොකු කරන්න ක්ලික් කරන්න
එසේම ලෝකයේ පසුගිය වසරේදී වැඩිපුරම සොයන ලද වචනය facebook වේ. එම වචනය ලංකාවේදී sex වලට පරාජය වීමද තවත් ජයකි. එනම් අප සාමාන්යෙන් දන්නා පරිදි අපේ බොහෝ දෙනා facebook බාවිතා කරයි ලංකාවේ එයටත් වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය මගින් සෙක්ස් සොයයි.



මෙහෙම උනත් ගිය වසර වල වගේම මේ වතාවෙත් තවත් වැදගත් අංශ වලින් ඉදිරියෙන් ඉන්නවා මෙන්න ගියවර ඒ ගැන මම විස්තර කල ලිපිය 

සොයා බැලීමට දත්ත පවතින පසුගිය වසර 10 සඳහා ගතහොත් සමස්තයක් ලෙස ඉදිරියෙන්ම සිටින්නේ අපි වේ. සමහර විට ලංකාවට ඉන්ටර්නෙට් ආ දවසේ සිට සිටින්නේද අපිම විය හැක. පසුගිය වසර 10 යේ දී අප පළමු 6 දෙනා අතර සිටීමද විශේෂත්වයකි

2004 - 6 වෙනියා
2005 - 4 වෙනියා
2006 - 4 වෙනියා
2007 - 5 වෙනියා
2008 - 3 වෙනියා
2009 - 5 වෙනියා
2010 - 4 වෙනියා
2011- 1 වෙනියා
2012- 1 වෙනියා
2013- 1 වෙනියා
2014- 1 වෙනියා

මේකත් තව ටික දවසකින් ගොසිප් කාරයෝ, පත්තර කාරයෝ පට්ට ගහන නිවුස් එකක් වේවි. ගුගල් සමාගමෙන් නිකුත් කල වාර්ෂික වාර්තාව අනුව මෙවරත් අපි සෙක්ස් වලින් එක කියලා. නමුත් මේ එහෙම වාර්තාවක් නොවේ. මේක පසුගිය කාලයේ මිනිසුන් ගුගල් හි සෙවුම් කලේ කෙසේද කියා බලා තම වෙබ් අඩවි සාර්ථක කරගැනීමට වෙබ් අඩවි හිමිකරුවන් සඳහා ඇති මෙවලමක්. ඕන වචනයකට ඇති ඉල්ලුම බලන්න මේකේ සර්ච් කර බලන්න
http://www.google.com/trends/

2014/12/15 දින පලකරන ලද ලිපියේ අඩුපාඩු කිහිපයක් තිබුණු බැවින් අද(2014/12/16) දින වැදගත් තව  කරුණු කිහිපයක් එක් කරන ලද බැවින් එයට පෙර කියවූ අය නැවත කියවා බලන්න.

Tuesday, September 16, 2014

ඉමිතියාස්‌ බාකීර් මාකර් හෙළිකරන බෙදුම්වාදයේ මුල.(Truth Of Separatism In Sri Lanka.)


ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලයේ පසුගිය 14 වැනිදා පැවැති විශේෂ මහා සභා රැස්‌වීම අමතමින් ජාතික සමගිය සඳහා වූ බාකීර් මාකර් මධ්‍යස්‌ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස්‌ බාකීර් මාකර් මහතා පවසන ලද මේ අදහස බෙදුම් වාදයේ මුල ලෙස කළු ජුලිය හෝ බණ්ඩාරනායක මහතා කල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ලෙස දකින පුද්ගලයන්න්ට හොඳ පිළිතුරකි.

//ශ්‍රී ලාංකික ජාතියක්‌ හැටියට නිදහස ඉල්ලා සිටි අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය පාලකයන් එදා නිදහස්‌ අරගලය මෙහෙයවූ දිවංගත අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාට පැවසුවේ "නුඹලා බෙදුන ජාතියක්‌. නිදහස දුන්නොත් එකිනෙකා ඇනකොටා ගනීවි මරා ගනීවිZ කියලයි. ඇත්ත වශයෙන් අපි එදා සිංහල මහ සභාව, මුස්‌ලිම් ලීගය, ද්‍රවිඩ කොන්ග්‍රස්‌, ඉන්දියන් කොන්ග්‍රස්‌, බර්ගර් යුනියන් ජාතික කොන්ගස්‌, මැලේ ලීග් හා මුවර් සංවිධානය යනුවෙන් බෙදී සිටියා. ඩී. එස්‌. සේනානායක වැනි අතීතයේ සිටි ජනනායකයින් ඒ සියලු ජාතීන් හැකිතරම් දුරට එකතු කිරීමට උත්සාහ ගත්තා.//(සම්පුර්ණ ලිපිය දිවයින පුවත් පතේ පලවිය)

ඇත්ත වශයෙන්ම නිදහස ලැබීමටත් පෙර සිට බෙදුම්වාදී අදහස් ජාතීන් අතර තිබුනා. මුල් කාලයේ සිට ජාතීන් සිටියේ වෙන වෙනම සංවිධානය වී. එමගින් අනාගතයේ ඇතිවන බෙදීම සුද්දෝ දැක්කා. (එම බෙදීම ඇති කිරීමටත් සුද්දෝ වක්‍රව සහය වුනා.) දැනටත් එක් එක් ජාතීන් නියෝජනය කරන දේශපාලනය අපේ රටේ අනාගත ප්‍රශ්න වලට මුලයි ඒ බව විශේෂයෙන් ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා වැන්නවුන් තේරුම් ගත යුතුයි.

විශේෂයෙන් දෙමල ජන නායකයන් බලා සිටියා රටේ ප්‍රධානියා වන්නට එයට ප්‍රධාන හේතුව වන්නේ උගත් දෙමල ජාතිකයන් බොහොමයක් රටේ මුල් පුටුවල සිටීම සහ ඉන්ගීසින් රට අල්ලා ගැනීමට පෙර සිටියේ දෙමල රජෙක් වීමයි.  නමුත් සර්වජන චන්දබලය ලැබීම සමග එය ඔවුන්ට සිහිනයක් වුනා ඊළමක් ඉල්ලීමේ මුල එයයි.

ඉන්දියවේ මහත්මා ගාන්ධි විසින් සියලු ජාතීන් එක් කර ඉන්දියානු ජාතියක් බිහි කළා. එයට අනුගත නොවූ අය පකිස්ථානය බංගලිදේශය වැනි රටවල් බිහිකර ගත්තා. අදටත් ඔවුන් ළඟ ඇති අපි ඉන්දියානුවෝ කියන සංකල්පය ඇති කලේ මහත්මා ගාන්ධි. මේ වෙනකම් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් සමාජ ගත කිරීමට ලංකාවේ කිසිම ජන නායකයෙකුට නොහැකි වුනා මෙන්ම ඔවුන් ඒ සඳහා කැපවුණේ නැහැ.

ඩයස්පෝරා ලෙස වෙන්වූ ද්‍රවිඩයන්, පකිස්ථානය දිනන විට රතික්ඥ පත්තු කරන මුස්ලිම් ජාතිකයන්. සහ ජාතිවාදී සිංහලයන් සිටින තෙක් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් ඇති නොවේ. අනාගත ලංකාව වෙනුවෙන් අප පරාජය කල යුත්තේ ඉහත දේවල් වේ.

ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙන් සැවොම පෙළ ගැසෙමු.

Tuesday, September 9, 2014

රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව.(Is Sinhalese becoming a minority?)

යමෙක් අන් මත විවේචනය කරයි නම් මුලින්ම තම මතය නිවැරදිදැයි මුලින්ම විමසා බැලිය යුතුය තමන් වැරදිනම් සිදුවන්න්නේ තමාම විවේචනයට ලක්වීමකි. මේ සිද්දියට ලක්වන පුද්ගලයා නම් මාතලන්ගේ බ්ලොග් එකෙහි පලකරන ලද "සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි" නම් ලිපිය ලියන ලද චානුක වත්තේගම නම් පුද්ගලයාය.

ඔහු විසින් ලියන ලද ඉහත සඳහන් ලිපිය අනුව පැහැදිලිව පෙනෙන කරුණක් නම් ඔහු තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය දත්ත පමණක් ගෙන අන් දත්ත නොසලකා ගණනය කිරීමයි මෙයට හේතුව ඔහුගේ නොදන්නා කමද නැත්නම්  තමන්ට සිදුවන වාසියක් හේතුවෙන් වැරදි මතයක් පෙන්වීම සඳහා ලැජ්ජාවක් රහිතව අංක විද්‍යාවක් පෙන්වීමද?

මුලින්ම ඔහු විසින් පෙන්වන ලද පළමු වගුව සලකමු 

සිංහල
දෙමළ
මුස්ලිම්
ඉන්දියානු දෙමළ
වෙනත්
1981 තත්ත්වය
73.95 %
12.71 %
7.05 %
5.51 %
0.78 %
2011
තත්ත්වය
74.88 %
11.12 %
9.23 %
4.16 %
0.52 %
දෘශ්‍ය වෙනස
0.93 %
- 1.5 %
2.18 %
- 1.35 %
0.04 %
සත්‍ය වෙනස (සංඛ්‍යාත්මක)
4,184,420
384,024
822,920
23,623
- 9,000
සත්‍ය වෙනස (පෙර තරමට ප්‍රතිශතය)
38.2 %
20.35 %
78.61 %
2.89 %
- 7.82 %

මේ වගුව ඇසුරෙන් ඔහු සඳහන් කල දේ බලමු 

"සිංහල ජනතාව වඳ වේය යන මතය ගොඩ නඟන්නන් ඒ සඳහා උපයෝගී කොට ගන්නේ පළමු පෙළ තුනෙහි ඇති ඉලක්කම්ය. 1981 සිට 2011 දක්වා ජනවර්ග අනුපාතයන්හි යම් වෙනසක් සිදුවේ. සමහර ජන වර්ග ප්‍රතිශතයක් වශයෙන් වැඩිව ඇත. සමහර ඒවා අඩුව ඇත. නිදසුනක් හැටියට සිංහල ප්‍රතිශතය 74% පමණ සිට 75% ක් වෙද්දී මුස්ලිම් ප්‍රතිශතය 7% පමණ සිට 9.2% ට ඉහළ යයි. බැලූ බැල්මට “අපේ රැහැ” පොඩ්ඩකින් ප්‍රසාරණය වෙද්දී  “උන්ගේ රැහැ” මාර විදිහට පිම්බී ඇත. එසේම මේ දෙක අතර දෘශ්‍ය වෙනස සිංහල බෞද්ධ බහුතරය බිය ගන්වන සුළුය."

"මම මෙහි දෘශ්‍ය වෙනස සේ දක්වා ඇති ඉලක්කම් සීරියස් නොගනිමි. එය සංඛ්‍යාකයක් වශයෙන් අවැදගත් වනවා පමණක් නොව වැරදි චිත්‍රයක්ද මවා පායි. ඊට වඩා අදාළ හා වැදගත් අවසාන පෙළ  දෙකෙහි ඇති දත්තය. එකක් සංඛ්‍යාත්මකව එක් එක් ජනවර්ගය වසර තිහක් තුළ ප්‍රසාරණය වූයේ කවර ප්‍රමාණ වලින්ද දක්වයි. අවසාන පෙළෙහි දැක්වෙන්නේ 1981 දී එක් එක් ජනවර්ගයන්හි ප්‍රමාණයට සාපේක්ෂව 2011 දී එම ජනවර්ගය ප්‍රසාරණය වී ඇති ප්‍රමාණයයි."

ජනග්‍රහණ වර්ධනය සඳහා අනාවැකි කීම සඳහා යම් තරමින් හෝ භාවිතා කලහැක්කි දත්තයකට මෙහි ඇත්තේ අවසාන පේලිය පමණි එය මගින් 1981 සිට 2011 අතර කාලය සඳහා ජනග්‍රහණ වර්ධන වේගය ගණනයට  අවශ්‍ය දත්තයක් ලැබේ. මෙමගින් පෙනෙන කරුණ නම් මුස්ලිම් ජනයාගේ  ජනග්‍රහණ වර්ධන වේගය සිංහලයාගේ මෙන් දෙගුණයක් වන බවයි සිංහල සහ මුස්ලිම් ජනග්‍රහණ වර්ධනය අනාගතය සඳහා එස්ටිමෙට් කිරීමට වැදගත්ම දත්තය එයයි. එනම් මෙහි වැදගත්ම පේලිය වන්නේ අවසාන පේලිය වේ.  චානුක වත්තේගම විසින්  "වැදගත් අවසාන පෙළ  දෙකෙහි ඇති දත්තය" ලෙස සඳහන් කලද අවසාන පේලිය ඇසුරෙන් කිසිම නිගමනයක් නොකරයි. එය ඇසුරෙන් නිගමන පවසන්න ගියානම් ඔහුට කියන්න වන්නේ වෙනත් දෙයකි. 

එම නිසා ඔහු ඉහත වගුවේ 4 වන පේලිය ඇසුරෙන් මෙසේ ගොන් කතාවක් පවසයි "උදාහරණයක් හැටියට මේ කියන වසර තිහ තුළදී මුස්ලිම් ජනහගණයේ ප්‍රසාරණය ලක්ෂ අටකි. ඒ කාලයටම අනුරූප සිංහල ජනගහණයේ ප්‍රසාරණය එමෙන් පස් ගුණයකට ආසන්න අගයක් ගනියි. ලක්ෂ හතළිස් එකක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් ලක්ෂ අටක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් තමන්ගේ තැන ගනිතැයි අනියත බියක් පළ කර ගැන්ම තරම් තවත් ගොන් කමක් වේද?" ජාතීන් දෙකක ජනග්‍රහණ වර්ධනය සැසදීමේදී අනාවැකි පැවසීමේදී වැදගත්ම කරුණ වන වර්ධන වේගය අමතක කර ඔහු ප්‍රමාණ සැසදීම කරයි.  පසුගිය 30 වසර තුල අප ඔවුන් මෙන් පස් ගුණය කින් වැඩි වුවත් ඔවුන්ගේ වර්ධන වේගය වැඩි නිසා ඊළඟ 30 වසර තුල අප ඔවුන් මෙන් 3-4 ගුනයකටද තව කල් යාමේදී අප වැඩිවන ප්‍රමාණයට සමාන ප්‍රමනයකටද පැමිණේ අවසානයේ ඔවුන් අප පසුකර යයි.(අනාගතය සඳහා අගයන් විද්‍යානුකුලව ගණනය කර ඇති වගු අවසානයෙදේ පෙන්වමි) 

දැන් ඔහුගේ දෙවන වගුව සලකා බලමු 
ලංකාවේ ජනවාර්ගිකමය වාර්ෂික වර්ධනය (1911 සිට 2011 දක්වා)
දශකය (ආරම්භක වර්ෂය)
සිංහල %
දෙමළ %
මුස්ලිම් %
ඉන්දියානු දෙමළ %
වෙනත් %
1911
1.0
(0.2)
0.6
1.2
1.8
1921
1.3
1.4
1.3
2.6
1.2
1931
1.7
1.2
1.4
(0.3)
1.4
1941
1.8
1.7
2.0
2.0
(0.3)
1951
2.5
2.4
2.5
1.3
(14.4)
1961
2.2
2.3
2.5
0.6
7.1
1971
1.7
2.5
1.8
(4.3)
0.9
1981
1.5
1.4
2.0
0.8
2.3
1991
1.0
0.3
2.0
(0.2)
(1.4)
2001
0.9
0.3
1.7
(0.2)
(1.7)
(මෙය  චානුක වත්තේගම විසින් කරන ලද ගණනයකි )

මෙය ඇසුරෙන් ඔහු පවසන මෙම කරුණ හැර අන් කරුණු සත්‍ය වේ නමුත් ඔහු විසින් අසත්‍යයි කියන දෙය සත්‍ය වීමට අවශ්‍ය හොඳ සාක්ෂියක් මෙමගින් ඔහු සඟවයි(ඔහු ඔහුගේ මතය ඉලිප්පීමට මෙම සත්‍ය කරුණු සැඟවෙන්නේ හිතාමතාම පුද්ගලික වාසියක් සඳහාද නැත්නම් මෝඩ කම නිසාද)
"2. සාමාන්‍ය හා සාමකාමී අවස්ථා වලදී මේ ජනවර්ග තුනේම වාර්ෂික වර්ධන වේගයින් දළ වශයෙන් සමානය. උදාරහණයක් හැටියට 1931 දශකයේ සිට 1981 දශකය දක්වා දත්ත සලකන්න. දර්ශකයක් සේ 1951 න් ඇරැඹෙන දශකය ගනිමු. මේ දශකයේ ප්‍රධාන ජනවර්ග තුනෙහිම වර්ධනය ඉතාම සමීප අගයන් ගනියි."

අප සම දන්නා කතාවක් නම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය තුල දරුවන් සාදන ලද අපගේ සීයලා ආච්චිලා සහ අම්මලා තාත්තලා දරුවන් 4-5 වත් සාදන ලද බවයි මේ කාලයේ සිංහල පවුල්වල ළමයින් හැදීම ද මුස්ලිම් පවුල්වල ළමයින් හදීමද අතර ලොකු වෙනසක් නොවිණි. නමුත් 1981 පසු සමාජ ගතකරන ලද උපත්පාලනය හා එයට අධාල පෙළඹවීම් නිසා සිංහල සමාජයේ ළමයින් හැදීම අඩුවිය නමුත් මුස්ලිම් සමාජයට එය ලොකුවට බලපෑවේ නැත.  1981 පසු ළමයින් හදන ලද අපගේ මාමාලා නැන්දලා ළමයින් හැදුවේ 4  කට අඩු ප්‍රමාණයකි එසේම 2001 පසු ළමයින් හදන අපේ යාළුවන් ළමයින් හදන්නේ 1-2 කි නමුත් මුස්ලිම් සමාජයේ මේ තත්වය ලොකුවට නැත. 1981 පසු ලංකාවේ මුස්ලිම් හැර අන් ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය අඩුවීමට හේතුව මෙයයි. එනම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය සියලු ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය සමාන වුවත් උපත්පාලන ක්‍රම නිසා සිංහලයන්ගේ ජනග්‍රහණ වර්ධන වේගය මුස්ලිම් අයගේ මෙන් අර්ධයක් වනතෙක් අඩුවිය (1991 සහ 2001 සඳහා වගුව බලන්න)

මෙමගින් පෙනෙන්නේ ඔහු විසින් ගණනය කරන ලද මේ වගුවෙන්ම පැහැදිලිවන කාලය සමග සිදුවූ සිංහල ජාතියේ වර්ධන වේගය අඩුවීම ගැන නොපවසා තම මතය හුවාදැක්වීමට බයිලා කියන බවයි. 

දැන් අපි ඔහු ඉදිරිපත් කල 3 වගුව සලකමු 
ලංකාවේ සිංහල හා අනෙකුත් සියළු ජනවර්ග ප්‍රතිශතයක් සේ (1911 සිට 2011 දක්වා)
සංගණන වර්ෂය
සිංහල (ප්‍රතිශතය)
අනෙකුත් සියළු (ප්‍රතිශතය)
1911
66
34
1921
67
33
1931
65
35
1945
69
31
1953
69
31
1963
71
29
1971
72
28
1981
74
26
1989
74
26
2001
74
26
2011
75
25
(මෙය  චානුක වත්තේගම විසින් කරන ලද ගණනයකි )
තමා සියලුදේ දන්නවා සිතා ඔහුගේ මතයට විරුද්ද සියලු දෙනා මෝඩයන් සහ හරක් මෙන් දුටුව චානුක වත්තේගම ගේ නොදන්නුවත්කම පෙන්වන හොඳම උදාහරණය මෙයයි. මේ ගැන ඔහු කියන දේ බලමු

"සිංහල ජනවර්ගයක් සේ මොනම ආකාරයකින් වත් (අනෙකුත් ජනවර්ගයින්ට සාපේක්ෂව) ඍණ වර්ධනයක් නොපෙන්වන බැව් මෙයින් ඉතා පැහැදිළිව ඔප්පු වේ. පසුගිය සියවසෙක පමණ කාලය තුළ ඉතාම සුළු වශයෙන් වුවද වී ඇත්තේ (අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව) සිංහල ජනවර්ගයක් සේ නොකඩවා වර්ධනය වීමයි. නැවත කියමි: නොකඩවා වර්ධනය වීමයි."

අනිවාර්යෙන්ම මෙතනදී චානුක වත්තේගම සත්‍ය පවසයි  ඔහුගේ වගුව අනුව මෙන්ම අතටම සිදුවුයේ එයයි නමුත් ඔහුකරන වැරැද්ද නම් අවසානයේ මේ වගුවේ පරිදි සිංහලයා අනාගතයේදීද වර්ධනය වනබව කියවන්නන්ට දැනෙන සේ මෙසේ කියයි.

"මේ නිසා මොනම ආකාරයකින්වත් සිංහල ජනවර්ගය වඳවීමේ හෝ සුළුතරයක් වීමේ පෙනෙන අවදානමක් නොපවතී. ඔබ බිය වන්නේ ඒ නිසා නම් අද සිට ඔබට බිය සැක නැතිව නිදා ගත හැකිය."

සිදු නොවන්නේ එයයි. ඔහු මෙතනදී ගණිත දැනුමක් අඩු පාඨකයාට ඉදිරියත් මෙසේ මෙම වගුව පරිදි සිංහලයන් වර්ධනය වේ යයි ඉඟි කරයි නමුත් එය සිදුවන්නේ තව දශක කිහිපයක් දක්වා පමණි මේ බව මම විද්‍යානුකුලව අන්තිමට පෙන්වමි දැන් බලමු චානුක වත්තේගම වරද්දා ගත්තේ හෝ අපට වරද්දන්න යන්නේ කොතනද කියා.

කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය යනු අදාළ රාශි දෙක රේඛීයව බැදී පවතින්නක් නොවේ.  කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය රේඛීයව බැදී පවතීනම් ඉහත 3 වගුවම දීර්ග වී දිගටම සිංහල ජන අනුපාතය වැඩිවේ. චානුක වත්තේගම අපිට පෙන්වන්න ගියේ එයයි. නමුත් එසේ නොවේ ඒ බව පෙන්වීමට මම 1991 සහ 2011 යන වර්ෂවල සංඝණන දත්ත ඇසුරෙන් ලබාගත් එක් එක් ජන වර්ගවල වර්ධන වේගය දිගටම පවතීයි උපකල්පනය කරමින් ඉදිරි සංඝණන පවත්වන වර්ෂ සඳහා නිමානය කරන ලද ජනසංඛ්‍ය පහත ප්‍රස්ථාරයේ පෙන්වයි. මෙහි 2011 සඳහා සත්‍ය අගයන්ද ඉන්පසු ගණනය කල අගයන්ද වේ.

ශ්‍රී ලංකාවේ ජාතීන් අනුව ජනසංඛ්‍යා වර්ධනය
මේ අනුව පෙනෙන්නේ වත්මන් ජන වර්ධන වේගය දිගටම පැවතුනහොත් 2261 වනවිට සිංහල සහ මුස්ලිම් ජන සංඛ්‍යා සමාන වන බවයි ඉන් පසු සිංහලයන් සුලුජාතිය බවට පත්වේ.

දැන් බලමු මෙම වර්ධනය යටතේ ජනවර්ග වල ප්‍රතිශතය වෙනස්වන ආකාරය.
ශ්‍රී ලංකාවේ ජාතීන් ගේ අනාගත ප්‍රතිශතය
මෙම ප්‍රස්ථාරයෙන් පෙනෙන්නේ 2041 වනතෙක් සිංහලයන්ගේ ප්‍රතිශතය ඉහල යන බවයි ඉන් පසු එය ක්‍රමයෙන් පහල බැස 2261 දී මුස්ලිම් ජන ප්‍රතිශතය සමග සමාන වේ. චානුක වත්තේගම ඉදිරිපත්කල 3 වගුව ට මෙම ප්‍රස්ථාරයේ 2011 දක්වා අගයන් සමාන වේ ඉන්පසු ඔහු විසින් පෙන්වන්නට ගිය පරිදි සිංහල ජන අනුපාතය වැඩිවේ නමුත් නිදහසේ නිදාගත හැක්කේ 2041 ජන සංගණනය දක්වා පමණි ඉන්පසු සිංහල ජන අනුපාතය දිගටම අඩුවේ.

කලින් මම සඳහන් කල පරිදි මෙම අනුමානය වලංගු වන්නේ පසුගිය වසර 20 පැවතුන ජන වර්ධන වේගය දිගටම තිබුනොත් පමණි නමුත් දැනට පෙනෙන විදියට පහත හේතු නිසා සිංහල ජන වර්ධන වේගය ඉහත සඳහන් ගණනයට භාවිතා කල අගයට වඩා අඩුවේ එසේම මුස්ලිම් ජන වර්ධන වේගය වැඩිවේ.

  • 80 දශකයේ හදුන්වාදුන් උපත්පාලන ක්‍රම නිසා එම කාලයෙන් පසුව බිහිවූ පිරිස අඩු අගයක් ගැනීම නිසා සිංහල සමාජයේ සිටින බාල සහ තරුණ පරපුර මුස්ලිම් අයට වඩා බොහෝසෙයින් අඩුවීම නිසා අනාගත වාර්ෂික සිංහල දරු උපත් අඩුවීම
  • ඉහත පෙන්වූ පරිදි සිංහල අතර මුස්ලිම් අයට වඩා වැඩි ප්‍රමාණයක් සිටින 80 දශකයට පෙර උපන් අය මිය ගිය පසු ජන විශාලව ප්‍රමාණය පහත වැටීම 
  • මුස්ලිම් අය බහුල විට සිංහලයන් සහ ද්‍රවිඩයන් ඒ ආගමට හැරීයාම වැඩිවීම.
  • මුස්ලිම් අය බහුල වනවිට ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිංහලයන් සහ ද්‍රවිඩයන් ඝාතනය වීම සහ රට හැරයාම(මේ සිද්දි මුස්ලිම් ජන අනුපාතය 25% වැඩි රටවල දැනට සිදුවේ.)
එබැවින් ඉහත ගණනය කල කාල වලට බොහෝ කලින් මේවා සිදුවන බව සත්‍යයකි. අනිවාර්යෙන් මම 2041 න් වනවා සිංහල ජන අනුපාතය දිගටම අඩුවීමට පටන්ගැනීම බොහෝවිට එයට පෙර අපගේ ජීවිත කාලය තුල දැකගත හැකිවනු ඇත. එම නිසා එතෙක් සැපසේ නිදාගන්න. අන්අයටත් එසේ කරන්න කියන්න.

අවසාන වශයෙන් කිව යුත්තේ ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් දැරීමට නිදහස ඇත නමුත් තම මතය යනු නිවැරදි මතයම නොවන නිසා එය සමාජ ගතකිරීමට පෙර දෙවරක් සිතිය යුතුය. එම නිසා දැන හෝ නොදැන වැරදි මත සමාජ ගත කිරීම වරදකි. විශේෂයෙන්ම තම මතයට විරුද්ද අයට ගොනා මෝඩයා කීම උගතුන්ගේ වැඩක් නොවේ. එය මෝඩ ගොන් වැඩකි. 
තමන් නොදන්නා අනුන් ලියන ලද රෙද්දවල් පල කිරීමට ප්‍රථම විමිසිලිමත් වන ලෙස මාතලන් ගෙන් ඉල්ලමි.

ප.ලි.
චානුක ලියන ලද ලිපිය රාවය පුවත්පතේද පලවී ඇත. ඒ ගැන මා දැනුවත්කළ නිර්නාමික සොයුරාට ස්තුතියි. මෙන්න රාවය ලිපිය. 
තම දේශපාලන මතය තහවුරු කිරීම පිණිස නිසි විමර්ශනයකින් තොරව ඕනෑම කුණුගොඩක් පුවත් පත් වල පලවන බවට මෙය හොඳ උදාහරණයකි.

Wednesday, July 9, 2014

ඔබ සැමට අබ සරණයි!!! (#@#!@#! ^%$^$ @@##@$)

අබසරණයි කියන ප්‍රකාශය පසුගිය දිනවල ලොකු ආන්දෝලනයක් ඇතිකළා. සිංහලයන්ගේ සිංහල දැනුම පිළිඹඳ හෙළුව එමගින්ම ලස්සනට පේනවා. අබ කියන වචනයේ එක අර්ථයක් බුදුන් වන බව දන්නේ කීදෙනෙක්ද? අබසරණයි කියන ප්‍රකාශයේ නියම තේරුම් බුදු සරණයි කියන එකම බව දන්නේ නම් ඔය වචනය ගැන ලොකු කතාවක් යන්නේ නැහැ නේද? අපගේ භාෂා දැනුම ගැන ලජ්ජා වෙන්න ඕන.

කාටර් ශබ්ද කෝෂය අනුව අබ කියන වචනය යෙදෙන තැන්
1. අදස්න (page 24) අදසුන්, a. E. for P. අදස්සන, fr. අදර්‍ශන: invisible. අදස්න, n. mustard, අබ. අදහනවා, v. t. to believe in, trust in, worship; pret. ඇදහුවා; v. n. ඇදහීම.
2. අබ (page 49) අඵලකම, අ ඵලතාව, අ ඵලත්වය, n. unfruitfulness &c., ඵලනැතිකම &c., fallowness, පුරන් කම. අබ, n. cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of
3. අබ (page 49) n. unfruitfulness &c., ඵලනැතිකම &c., fallowness, පුරන් කම. අබ, n. cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ
4. අබ ඇටය (page 49) අබ, n. cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ කුප්පිය, n. mustard-cruet.
5. අබ ඇටය (page 49) cloud, වලාකුළ: ap. of Buddha. අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ කුප්පිය, n. mustard-cruet. අබතුර. n. E. of
6. අබ කුප්පිය (page 49) අබ, n. or a. mustard, mustard seed. අබ ඇටය, n. a grain of mustard; pl. අබ ඇට. අබ කුප්පිය, n. mustard-cruet. අබතුර. n. E. of අභ්‍යන්තරය: the inside, ඇතුළ. අබතුරු, n.
7. අබ පිටි (page 49) අබන්ධුර, a. unlovely, displeasing. E. S. අ බඳ, ad, continually, නිබඳ, නිතරම. අබ පිටි, n. mustard flour, ground mustard. අබ්බ, n. name of one of the hells; a number, ගණනක්.
8. අබ බෙහෙත් කඩ (page 49) පිටි, n. mustard flour, ground mustard. අබ්බ, n. name of one of the hells; a number, ගණනක්. අබ බෙහෙත් කඩ, n. mustard poultice, sinapism. අ බය, a. See අභය. අ බර, a. not heavy, light:
9. අබලුව (page 49) අබලිවෙනවා, v. i. to waste away, become feeble, බෙලහීන වෙනවා, perish, නාස්තිවෙනවා. අබ ලුව, n. lobe of mustard seed, අබපියල්ල. අබවස, n. E. of අභ්‍යවකාශ, open place, එළිමහන.
10. කටුක (page 145) කටුක, a. pungent, piquant, acrid, කුළු, කට දන; severe, painful, සැර. කටුක, n. mustard, අබ; compound of three pungent substances, viz. black pepper, long pepper and dried ginger. කටුකකම, කටුක රස, n. pungency &c. (see adj.), කුළු
11. ආසුරී (page 98) n. for ආශීවිෂයා. ආසුර, n. black salt, කළු ලුණු. ආසුරී, n. mustard, අබ. ආ සේචනය, n. (ආ on, සිච් to sprinkle), sprinkling, ඉසීම. ආ සේධය,
12. තීක්‍ෂණ•ගන්‍ධා, තීක්‍ෂණගන්‍ධිනී (page 260) n. acute person, precisian. තීක්‍ෂණ•ගන්‍ධා, තීක්‍ෂණගන්‍ධිනී, n. mustard, අබ. තීක්‍ෂණ•දෘෂ්ටි, a. lit. and fig. sharp-sighted, quick-sighted.
13. තීව්‍රා (page 261) තීත්‍රතාව, තීව්‍රය, n. sharpness &c. තීව්‍රා, n. medicinal plant, black mustard, කළු අබ; name of a river in Eastern Bengal, පද්මවති. තු, int. fie, shame.
14. පස්•මල් (page 370) වසවර්‍තතියා, අභි සංස්කාරය. See පංචමාර. පස්•මල්, n. pl. five kinds of flowers or flower-like substances, viz. හෙළ අබ, සුන්සාල්, දෑස මන්, ඊතණ, විලඳ. පස්•මස්, n. dry-ground food, viz. කුරක්කන්, which is not grown in a swamp.
15. රාජික, රාජිකා, රාජිය (page 535) n. (රාජ ආ:), royal seat, throne, සිංහාසනය. රාජික, රාජිකා, රාජිය, n. black mustard, අබ; field, පිට්ටනිය, row, range, පේළිය. රාජිත, a. (රාජ් to shine), shining, irradiated, resplendent,
16. වලයබරණය (page 568) sore throat, වණවූ උගුර inflammation of the throat, උගුර දැවිල්ල; army, යුද්ධ සේනාව. වලයබරණය, n. (•වලය අබ:), ring-ornament, viz. armlet, bangle, අත්වළල්ල වලයා, a. kind of fish. වලයිත, a. (වල
17. වැලබරණය (page 581) වැලපෙනවා, v. i. to utter lamentation, lament, wail, mourn; pret. වැලපුණා. වැලබරණය, n. (වැල් අබ:), row or string of jewels, as a necklace, bracelet &c. වැලමිට,වැලිමිට, n. elbow; pl. වැලමිටි, වැලිමිටි.
18. ශ්වේත•සර්‍ෂප (page 632) ශ්වේත•ශෝඵය, n. white swelling. ශ්වේත•සර්‍ෂප, n. white mustard, හෙළ අබ. ශ්වේත•සීස, n. white-lead, සුදු ඊයම්. ශ්වේත•හංසයා,
19. සරිෂප (page 663) සරි•ලනවා, v. t. to meet, find, receive, සම්බ වෙනවා; get, සම්බකරගන්නවා. සරිෂප, n. mustard, අබ. See ශර්‍ෂප. සරිසපයා, n. See සරිසෘපයා. සරීසෘපයා,
20. සිතසර්‍ෂප (page 679) සිතව්ව, n. confusion of mind, perplexity, සිත් වියවුල. සිතසර්‍ෂප, n. white mustard, හෙළ අබ. සිතාංකයා, n. (සිත white, අංක mark, spot), a species of fish, lacertus cincus.
21. සිදු•බිජු (page 680) සිදු•පෙණ, n. sea foam: see මුදුපෙණ. සිදු•බිජු, n. mustard seed, mustard, අබ. සිදුර, n. E. of ජීද්‍රය: hole, cavity, perforation; pl. සිදුරු.
22. හබ (page 714) v. c. of හපනවා: to cause to touch or strike against; pret. හැප්පුවා; v. n. හැප්පීම. හබ, n. mustard, අබ. හබක, n trap or snare, උගුළ; pl. හබක්. හබකරනවා, v. to dispute, quarrel,
23. අබ (page 735) අපත්‍ර, see පතුක්. අපරාජිත, see නිල්කටරොළු. අබ, mustard, Brassica juncea (Crucif.). අභය, see අරත්න and සැවැන්දරා. අභයා, see
24. අසුරී (page 736) අසිපත්‍ර, අසි•පත්‍රක, lit. sword-leaf: sugar-cane, Saccharum officinarum, උක්. අසුරී, black mustard, Sinapis nigra, see අබ. අසෝක, see අශෝක. අස්•කන්, E. of අශ්වකර්‍ණ.
25. කදම්බි, කදම්බික (page 740) a sp. of plantain. කදම්බි, කදම්බික, see කොළොම් and පොළොල්; also for mustard, Sinapis campestris, අබ. කදම්බි•පුෂ්පී, a medicinal plant, see මුඩමහණ. කදලී.

වැඩි විස්තර සඳහා මෙය බලන්න.
https://www.facebook.com/groups/SinhalaBasha/permalink/320645758101828/


Wednesday, April 23, 2014

බුදු මේසය.(තුන් තේරවිල්ලක් නොවේ).(Buddha Table)

Buddha Head Table and Pouf
මෙය මට අහම්බෙන් දැකගන්නට ලැබුණු වෙළඳ භාණ්ඩයක රුප පෙළකි. සිතට කණගාටුවක් දැනෙන මෙවැනි බොහෝ භාණ්ඩ අන්තර්ජාලය හරහා විකිනීමට තිබේ. මෙය 21st Living Art නම් ආයතනය විසින් සැලසුම් කර ඇති අතර මෙය ගැන විස්තර  මෙම අඩවියේ ඇත.

විදෙස්වල මෙන්ම ලංකාවේද වෙසෙන බොහෝ දෙනා බුදුදහමට සහ එය හා බැදී පවතින දේට අපහාස කිරීමට නැබුරුවක් පවතී. මෙය අද ඊයේ සිදුවූවක් නොවේ. සමහර දේවල් නොදැනුවත් කමින් විදේශිකයන් අතින් වන අතර බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ දැනුවත් කමින් වේ. මේවා දකිනවිට මුස්ලිම් ජාතිකයන් මහමත්තුමාගේ රුපය භාවිතා නොකිරීමේ වටිනාකම පැහැදිලි වේ.

සුද්දෙක් බුදු හිමිගේ රුව පපුවේ හෝ  උරහිසේ පච්චයකට කෙටුවාට එහි වැරද්දක් නම් මට නොතේරේ. ඔවුන් එය අපහාසයක් ලෙස නොසිතා කරන දෙයකි. ඔවුන් ජේසු,කුරුසිය මෙන්ම බුදු රුවද එසේ පච්ච සඳහා යොදා ගන්නේ ගරු කිරීමක් ලෙසයි. බුදු රුවට අපහාස කරන අවස්ථා දැක එවැනි පච්ච සහිත සුද්දන් එළවීම මෝඩ වැඩකි. මෙවැනි දේ වෙනුවෙන් අපි කුමක් කලයුතුද?



එසේම ලංකාවේ බුදුදහම අදහන අපේ වැඩ නිසා ද බුදු රුවට අවමන් සිදුවේ. පුවත් පත් ලිපි සහ වෙසක් සුබපැතුම් සහිත දැන්වීම් මෙන්ම වෙසක් සුබපැතුම් පත් සඳහා බුදු රුව යොදයි. පුවත් පත් පරණ වී කඩේට යයි. බඩු ඔතයි. බිම වැටී පෑගෙයි. බුදු රුව පන්සලේ තිබුනාට ගෙදර් වඳින්ට තිබුනාට කම් නැත පුවත් පත් පිටු වලට නිකරුනේ එය යොදා ගැනීම අවශ්‍ය නැත. 
සුද්දියෝ අඳින බිකිනියට, වාඩිවන පුටුවට මේසයට, පුකේ ඇති පච්චයට බුදුරුව යොදා කරන අපහාස වලට එරෙහිව යාමට පෙර එයට වඩා  පහසුවෙන් අපට වලක්වාගත හැකි දේද පවතී. 
ඔබ සැමට බුදු සරණයි.


Friday, February 7, 2014

ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ (A Story Of Touch Hole)


ගොම්මන් අඳුර වැටීම සමග රතු බණ්ඩා ගෙට ගොඩවූයේ රෑට මොනවා හෝ කා හේනේ පැල් රැකීමට යාමටයි. දින කිහිපයකට උඩදී කැන්දාගෙන ආ තම හාමිනේ ගෙදර තනිකර යාමට ඔහු සිත නොදෙයි. ඇයගේ මුහුණෙන් ඉරියවු වලින්ද අකමැත්ත ප්‍රකාශ වේ.  ඔහේ රෑට පැලට යනවිට මමත් ඇන්න යන්න බැරිද? ලෙස ඇය ඇසුවේ බැරිම තැනය. තනියෙන් පැලේ සිටිනවාට වඩා හාමිනේ සමග යාමට රතු බණ්ඩා උඩින්ම කැමති වුයේ ගෙදර මවුපියන් සිටින නිසා ඇය සමග නිදහසේ ගතකිරීමට අපහසු බැවිනි.

පැලට තම හාමිනේ කැටුව ගිය රතු බණ්ඩා ගිනිමැලයක් දල්වා ගත් ඔහු තම ගිනි කඳයා සුද්ද පවිත්‍ර කර වෙඩිබෙහෙත් දමා මුනිස්ස්ම් දමා සුදානම් කර ගත්තේ තම හේන පාලුකිරීමට එන වල් සතෙකු දඩයම් කර ගැනීමටය. තමා බිරිඳ සමග පැමිණි බව දත් අසල්වැසි හේන් වල සිටින ගොවියන්ගේ විහිළු කවිවලට පිළිතුරු දීම මගහරිමින් ජීවිතය රසවිඳිමින් සිටි බැවින් හාමිනේ විඩාබරව නින්දට වැටිණි.

මැදියම් රැය පසුවී ඇති බැවින් රතු බණ්ඩාට අඩනින්දේ මෙන් සිටින විට එක වරම රැහැයි නාදය අතරින් වියලි කොළ පොඩිවෙන සද්දයක් ඇසීම සමග රතු බණ්ඩා විමසිලිමත් විය. ඔහුට දැක ගන්නට ලැබුනේ ඔහුගේ හේනට පැමිණ සිටි වල් ඌරු තඩියෙකි. හීන් සීරුවේ තම තුවක්කුව අතට ගත් රතු බණ්ඩා ඉලක්කය ගන්නා ලදී. ඔහු සතුව තිබුනේ කැප් තුවක්කුවක් නොව වෙඩිබෙහෙත් සහ මුනිස්සම් පුරවා ගිනි ඇවිලිය යුතු තුවක්කුවකි. නිදිමත විකාරයේ සිටි ඔහුට ඉලක්ක ගැනීමට පෙර තුවක්කුව පත්තු කිරීමට ගිනි පෙනෙල්ලක් අසලට ගැනීමට බැරිවිය. තමා ගිනිමැලය අසලට ගියහොත් තමා ගත් ඉලක්කය මගහැරෙන බැවින්  නිදන තම හාමිනේ කූද්දන ලදී.

රතු බණ්ඩා - (රහසින් මෙන්)මේ මේ පොඩ්ඩකට එනවාද?
හාමිනේ - මොකෑ මගේ ඇත්තෝ මේ රෑ?.
රතු බණ්ඩා - අන්න ඌරෙක් ඇවිත් මම ඌට ගිනි කඳයා මානනවා.
හාමිනේ - ඉතින්.
රතු බණ්ඩා - සද්ද නැතිව ගොහින් අතනින් ගිනි පෙනෙල්ලක් ගෙනෙන්.
(හාමිනේ හිමින් ගොස් ගිනිපෙනෙල්ලක් ගෙන ආවේය.)
හාමිනේ - ආ ගන්න.
රතු බණ්ඩා - මම ගිනි බිදින්න ගියොත් මානම වරදින්න පුළුවන්. මම හොඳට එල්ල කරලා ඉන්නේ. දැන් ඕක ඉක්මනට මේ කණේ ඔබන්න.
හාමිනේ - අනේ මට බයයි.
රතු බණ්ඩා - මොකෑ බයවෙන්නේ ඉක්මනට ඔබපිය.
හාමිනේ - අනේ මයේ දෙය්යෝ බීරි උනොත්.
රතු බණ්ඩා - මම ගිනිබිදින්න කෝඩුකාරයෙක් යැ. වෙඩි සද්දෙට කණ පැලෙන්න. මගෙන් මොනවත් නාහා ඉක්මනට ඔබපිය.
හාමිනේ - මයේ ඇත්තෝ කියන නිසා කොරන්නම්.
රතු බණ්ඩා - තවත් කියවන්නේ නැතිව ඕක ඔබාපිය. නැත්නම් උබේ අදෝනාවට අරූ වහන්වෙයි.
(හාමිනේ ගිනි පෙනෙල්ල කණේ ඔබයි.)
රතු බණ්ඩා - @#$$@@@#$%$^&$%& මගේ අම්මෝ! ඔය කණේ නොවෙයි ගෑනියේ මේ කණේ.
හාමිනේ - මට බැනලා හරියනවයි කලින් කියුවානම් නරකෙයි.
(හාමිනේ ගිනි පෙනෙල්ල අනෙක් කණේ ඔබයි.)
රතු බණ්ඩා - පට්ට @#$$ තෝ මගේ අනෙක් කණත් පිච්චුවා නෙව. @#$$@@@#$%$^&$%& මදැයි මමත් ඉඳලා ඉඳලා කැන්දන් අවේ ගොන් බඳින කණුවක්. ගෑනියේ මම ගිනිපෙනෙල්ල ඔබන්න කියුවේ මගේ කණේ නොවේ තුවක්කුවේ කණේ. මෙන්න මේ මගේ අත තියෙන තැනට ඉස්සරහා හිලේ ඔබපිය තවත් මගෙන් කුණුහරුප අහගන්නේ  නැතිව.

එවර නම් ගිනි කඳයා පත්තුවිය. නමුත් මේ කලබලය අස්සේ ඌරා දුවා ඇති බැවින් පලක් නොවීය. මෙම තුවක්කු වල ගිනි ඇවිලවීමට ඇති සිදුර(Touch hole/Flash hole) සිංහලෙන් කණ ලෙස හදුන්වන ලදී. රතු බණ්ඩා කියුවේ තුවක්කුවේ කණ ට ගිනි පෙනෙල්ල ඇතුල් කරන ලෙස වුවත් හාමිනේ තේරුම් ගත්තේ වැරදියටයි.  වැරදි කරු තුවක්කුවේ කණ නොදත් හාමිනේද? ඇය තුවක්කුවේ කණ පිළිබඳව දන්නවා ලෙස උපකල්පනයෙන් කල යුතු දේ නිවැරදිව පැහැදිලි නොකළ රතු බණ්ඩා ද? අදටත් බොහෝ වලි වලට හේතුව මෙසේ වැරදි අවබෝදය සහ සන්නිවේදන දෝෂ වේ.

තුවක්කුවේ කණ

අසමි දකිමි සොයමි බ්ලොග් එකෙහි විචාරක මහතාගේ  සංග්‍රාමයේ පියසටහන් (දෙවැනි කොටස)  ලිපිය කියවන විට මතකයට නැගුනු කුඩා කල මා අසා ඇති කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලදී.

සේයාරූ
http://www.vikingsword.com/vb/showthread.php?t=10481&highlight=matchlock
http://www.shutterstock.com/pic-53896900/stock-photo-portrait-of-young-caucasian-couple-on-gray-portrait-of-young-caucasian-couple-on-gray-girl-is.html

Thursday, January 9, 2014

වැරදිකරු ගුරුවරයාද?(Who is Haim Ginott)

Concentration camps

මෙම ලිපිය ලිවීමට පාදක වුයේ මෙයට වසර 13 කට පෙර මම උසස් පෙළ ලියනලද වසරේ මාගේ සංයුක්ත ගණිත උපකාරක පන්ති ගුරුවරයා වූ ජනක අබේවර්ධන මහතා දුන් නිබන්දනයක කවරයේ තිබුණු නිසදැසකි. එය මගේ හිතට හොඳටම අවශෝෂණය විය. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ද දෙයක් වන අතර සිංහල පරිවර්තනයකි. එහි පරිවර්තක කවුද කියා මා නොදන්නා අතර එම පරිවර්තනයද දැනට මා සතු නොවේ.  ළඟදී එය අහබු ලෙස මට මතක් විය. අන්තර්ජාලය පීරා සෙවුව මුත් සිංහල පරිවර්තනයක් හමු නොවීය. එබැවින් එහි ඇතැයි සැක කරන ලද ඉංග්‍රීසි වචන යොදා සොයන ලදී. මට එය හමුවිය. එය ගුරුවරයෙක් මෙන්ම ළමා මනෝවිද්‍යාඥයෙක් වන ආචාර්ය හයිම් ගිනොට්(Haim Ginott)  විසින් ලියන ලද නිසදැසකි. එය ඔබ අතට පත් කිරීමට මම එය පරිවර්තනය කරන ලදීමි.

දයාබර ගුරුවරුනි.
මම රැඳවුම් කඳවුරක සිට දිවිගලවා ගත්තෙක්මි. කිසිවෙක් නොදැකිය යුතු බොහෝ දේ මම දැක ඇත.
දැනුමැති ඉංජිනේරුවන් සාදන ලද ගෑස් කාමර.
උගත් වෛද්‍යවරු විසින් වසදුන්  ළමයින්.
පුහුණු හෙදියන් විසින් මරණ ලද ළදරුවන්.
උසස් පාසල් සහ විශ්ව විද්‍යාල වල ඉගෙනගත් අය විසින්
මරා පුළුස්සන ලද ගැහැණු සහ ළමයින්.
මට සැකයි අධ්‍යාපන ක්‍රමය ගැන.
ගුරුවරුනි උදවු වෙන්න සිසුවන්ට මිනිසුන් වීමට.
 ඔබගේ මහන්සිය මගින් උගත් රාක්ෂයන්, දක්ෂ මනෝව්‍යාධිකයන් සහ දැනුමැති වදකයන් බිහිවීමට ඉඩ නොතබන්න.
කියවීම, ලිවීම සහ ගණිතකර්ම වැදගත් වන්නේ එමගින් අපගේ ළමයින් මිනිසුන් වන්නේ නම් පමණි.


ඊස්රායල ජාතිකයෙක් වන  ආචාර්ය හයිම් ගිනොට් 1922 උපත ලද්දෙකි. 1947 දී ප්‍රථමික පාසල් ගුරුවරයෙක් ලෙස වෘර්තීය දිවිය ආරම්භ කල ඔහු එක්සත් ජනපදයට සංක්‍රමණය කර කොලොම්බියා සරසවිය මගින් 1952 දී සායනික මනෝවිද්‍යාව පිළිඹඳ ආචාර්ය උපාදිය ලබාගත්තෙකි. ළමා මානසික සංවර්ධනය පිළිඹඳ ක්‍රමවේද වල පුරෝගාමියෙක් වන ඔහුගේ ඉගැන්වීම් අද පවා භාවිතා වේ. එසේම ඔහුගේ Between Parent and Child නම් කෘතිය වර්තමානයේ පවා ඉහලින්ම අලවිවෙන කෘති අතර පවතී.

ඉංග්‍රීසි නිසදැස ද රසවිඳ බලන්න.
Dear Teachers,
I am a survivor of a concentration camp. My eyes saw what no man should witness.
Gas chambers built by learned engineers.
Children poisoned by educated physicians.
Infants killed by trained nurses.
Women & babies shot & burned by high
school & college graduates.
So I am suspicious of education.
My request is that teachers help students become human.
Your efforts must never produce learned monsters, skilled psychopaths, educated Eichmanns.
Reading, writing, and arithmetic are important only if they serve to make our children more human…..

ආශිත ලිපි
wikipedia

ඔහුගේ කෘති
goodreads

සේයාරූ
https://www.trumanlibrary.org/photographs/view.php?id=3858
https://www.goodreads.com/photo/author/212291.Haim_G_Ginott

පසුව ලියමි.
මෙම ලිපිය කියවූ හිතවතුන් කිහිප දෙනෙක්ම කමෙන්ට් වලදී මෙය රසවත්ව විවිද අයුරෙන් අනුවර්තන සහ පරිවර්තන පලකලා. එම සියලු දෙනාට විශේෂ ස්තුතිය.
-----------------------------------------------------------------------------------------------------------
මුලින්ම පරිවර්තනයක් දුන්නේ සඳුන් සෙවණ ලියන චන්දන ගුණසේකර සොයුරා. 

ගුරැවරැන් වෙත දයාබරිණී,

මිඳුනෙමිය මා වධකාගාරයකින්....
එහිදී මා දුටුදේ
ලොවෙහි කිසිවෙකුත් නොදුටුව යුතුමය.....
ඉංජිනේරැවෝ ගෑස් කුටි තැනූහ
උගත් දොස්තරැන් ළමුන්ට වස කැවූහ
පුහුණු හෙඳියන් මැරීය ළඳරැවන්
උසස් උපාධි ඇත්තෝ වෙඩි තැබුවෝය ගැහැණුන්ට හා දරැවනට
ප්‍රිය සබඳ,
ගැටළුවකි මට මේ අධ්‍යාපනය
ඔබලා කලයුත්තේ සිසුන්ගෙන් මිනිසුන් බිහිකිරීම පමනක් බැව් මගේ ඉලිලීමයි..
එම උත්සහය කිසි කළෙක
උගත් අළුගෝසුවන් බිහි නොකල මනාය...
කියැවීම , ලිවීම හා ගණිතය අප දරැ කැළ උසස් මිනිසුන් කෙරැමට පමනක්ම වැදගත් වන්නේය....

-----------------------------------------------------------------------------------------------------------
අපේ දේශක මහතාගේ සංස්කරණය නොකළ අනුවර්තනය මෙන්න.
මේකයි මගේ කතාව
පුළුවන් නං තේරුං ගන්න

මං බේරුනෙ අනු නමයෙන් මහ බයානකම වදකාගාරයෙන්
මම ඒකෙදි දැක්ක දේවල් මොකාවක් දකින්න තියා හිතන්නෙවත් නැහැ.
ඒ තරං තුච්ඡයි. 

මං හිටිය වදකාගාරේ වදක වැඩ කරේ කව්ද? 
හොදට ඉගෙන ගත්ත ඈයෝ තමා ඉතිං. අහන්නකෝ

ඉංජිනිනේරුවෝ කරේ පුච්චන්න ගෑස් කාමර හදපු එක...
බෙහෙත් දෙන දොස්තරල කරේ පොඩි උන්ට වස දෙන එක
ඉපදෙන්න අත දෙන නර්ස්ලා කරේ අළුත උපන් බිළිදෝ මරණ එක
ඔය උපාධීකාරයෝ කරේ ගෑනූ ලමයි වෙඩි තියල මරල වීසි කරන එක

අන්න ඉගෙන ගත්තු අය කරන වැඩ

එතකොට මේකද මේ අධ්‍යාපනේ කියන්නේ.. නරුමකම.. අමනුස්සකම
අපි ළමයින්ට දැනුමද දෙන්න ඕන මනුස්සකමද
ඒකයි තේරුම් ගන්න ඕන

ඒක ඔබ තේරුම් ගත්තොත් නැවත කවදාවත්
උගත් නරුමයන් පමණක් ලොවට දායාද නොකරනු ඇත
අප ලියන කරන දෙයෙහි, උසස්ම වෘත්තීන්හි අගය රැදෙන්නේ
ඒ අය තුල උතුම් වූ මනුස්සකම ගෑවි හෝ තිබුනොත් පමණි...

------------------------------------------------------------------------------------------------------------
ඔමාගේ හීන ලියන අපුර්වී ඕමයා සොයුරිය අපුරු පරිවර්තනයක් කළා මෙන්න ඒක.

ආදරණීය ගුරුවරුණි,

දිටිමි මිහිබට නිරය
මා දෙනෙත විදි ඒ අපුල 
නුබලානම් කෙදිනකවත් නොවිදිය යුතුමය
ලේ මස් නහරෙන් සැදි ජීවිතය යදින්නන්
අමු අමුවේ පුච්චන්න.. 
නැණබෙලෙන් පිරි ඉජිනේරුන් 
තනන ලද වායු කුටි;
හෙදකමින් වෙදකමින් මහිමවත් අත්මතින් 
මරණ යුරු ළදරුවන්,
ඉහළ හිණි පෙත්ත මත බුද්ධියෙන් අගතැන්වූ 
ගැහැණු මිනිසුන් අතින් 
වෙඩිතබා පුලුළුස්සපු....
දරු පැටවූ තුරුලේ හොත් 
තරුණ මව්වරුන්ගේ අගුරු වූ මලකදන් 
සිහිවෙද්දී ...
සැකය මට 
අධ්‍යාපනේ කොයිබටද යන්නේ මේ ....
ගුරුවරුණි .......
නුබ අතින් 
උගත් රාක්ෂයින් ,
නිපුනතා පිරි මානසික විකුර්තිකයන් 
උගත් ඒච්මන්ස්ලා 
තවත් නම් බිහි නොවිය යුතුමය.
ෂාක්ෂරතාවෙන් අංකගණිතයෙන් 
මොන ප්‍රථිපලයක්ද 
එයින් යහපත් මිනිසුන් බිහිනොකරන තාක් 

------------------------------------------------------------------------------------------------------------
මෙන්න කුරුන්ද ලියන සෙන්නා ගේ අනුවර්තනය 

ගෞරවණීය ගුරුවරුණී,

තොපලා මේ සිදු කළේ කුමක්ද ? කියවීම, ලිවීම, ගණිතය ඇසුරෙන් පමණක් මිනිසුන් බිහි නොවනා බව නුඹලා තේරුම් ගන්නේ කවදාද ?
තොපගේ උත්සහයෙන් බිහිවන්නේ මෘගයන්නම් තොපගේ උත්සහාය ගගට කැපූ ඉණි මෙනි. මම ඒ බවට සාක්ශි දරමි.
නුඹලාගේ සිසුන්, ඉන්ජිනේරුවන් වූ අති දක්ශයන් මිනිසුන් මැරීම උදෙසා වායු කුටීර තැනුවෝය. මම එය දුටිමි.
නුඹලාගේ සිසුන්, වෛද්‍යවරුන් වූ අති දක්ශයන්, ළදරුවනට වස පෙවූහ. මම එයද දුටිමි.
නුඹලාගේ සිසුන්, උපාධි ධරයන් අහිංසක ළදරුවන්ට හා කාන්තාවන්ට වෙඩි තබනා අයුරුද මම දුටිමි.
ඉඳින්, මා නුඹලා ගැන තවදුරටත් කුමක් සිතම්ද ?

අවසානයේදී ඔවුහූ මා නිදහස් කළහ. එබැවින් මා නුඹලාගේ වැරදි වෙනුවෙන් සාක්ෂි දරමි

------------------------------------------------------------------------------------------------------------
එකම නිසදැස විවිද අයුරින් එම තේරුම සහිතව රසවිඳින්න පුළුවන්. විවිද ආකාරයට නිර්මාණ ඉදිරිපත් කිරීමට අදහස් දුන් දේශකයාට විශේෂ ස්තුතිය.