Tuesday, September 16, 2014

ඉමිතියාස්‌ බාකීර් මාකර් හෙළිකරන බෙදුම්වාදයේ මුල.(Truth Of Separatism In Sri Lanka.)


ශ්‍රී ලංකා මුස්‌ලිම් කවුන්සිලයේ පසුගිය 14 වැනිදා පැවැති විශේෂ මහා සභා රැස්‌වීම අමතමින් ජාතික සමගිය සඳහා වූ බාකීර් මාකර් මධ්‍යස්‌ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස්‌ බාකීර් මාකර් මහතා පවසන ලද මේ අදහස බෙදුම් වාදයේ මුල ලෙස කළු ජුලිය හෝ බණ්ඩාරනායක මහතා කල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ලෙස දකින පුද්ගලයන්න්ට හොඳ පිළිතුරකි.

//ශ්‍රී ලාංකික ජාතියක්‌ හැටියට නිදහස ඉල්ලා සිටි අවස්‌ථාවේදී බ්‍රිතාන්‍ය පාලකයන් එදා නිදහස්‌ අරගලය මෙහෙයවූ දිවංගත අග්‍රාමාත්‍ය ඩී. එස්‌. සේනානායක මහතාට පැවසුවේ "නුඹලා බෙදුන ජාතියක්‌. නිදහස දුන්නොත් එකිනෙකා ඇනකොටා ගනීවි මරා ගනීවිZ කියලයි. ඇත්ත වශයෙන් අපි එදා සිංහල මහ සභාව, මුස්‌ලිම් ලීගය, ද්‍රවිඩ කොන්ග්‍රස්‌, ඉන්දියන් කොන්ග්‍රස්‌, බර්ගර් යුනියන් ජාතික කොන්ගස්‌, මැලේ ලීග් හා මුවර් සංවිධානය යනුවෙන් බෙදී සිටියා. ඩී. එස්‌. සේනානායක වැනි අතීතයේ සිටි ජනනායකයින් ඒ සියලු ජාතීන් හැකිතරම් දුරට එකතු කිරීමට උත්සාහ ගත්තා.//(සම්පුර්ණ ලිපිය දිවයින පුවත් පතේ පලවිය)

ඇත්ත වශයෙන්ම නිදහස ලැබීමටත් පෙර සිට බෙදුම්වාදී අදහස් ජාතීන් අතර තිබුනා. මුල් කාලයේ සිට ජාතීන් සිටියේ වෙන වෙනම සංවිධානය වී. එමගින් අනාගතයේ ඇතිවන බෙදීම සුද්දෝ දැක්කා. (එම බෙදීම ඇති කිරීමටත් සුද්දෝ වක්‍රව සහය වුනා.) දැනටත් එක් එක් ජාතීන් නියෝජනය කරන දේශපාලනය අපේ රටේ අනාගත ප්‍රශ්න වලට මුලයි ඒ බව විශේෂයෙන් ඉමිතියාස්‌ බාකීර් මාකර් මහතා වැන්නවුන් තේරුම් ගත යුතුයි.

විශේෂයෙන් දෙමල ජන නායකයන් බලා සිටියා රටේ ප්‍රධානියා වන්නට එයට ප්‍රධාන හේතුව වන්නේ උගත් දෙමල ජාතිකයන් බොහොමයක් රටේ මුල් පුටුවල සිටීම සහ ඉන්ගීසින් රට අල්ලා ගැනීමට පෙර සිටියේ දෙමල රජෙක් වීමයි.  නමුත් සර්වජන චන්දබලය ලැබීම සමග එය ඔවුන්ට සිහිනයක් වුනා ඊළමක් ඉල්ලීමේ මුල එයයි.

ඉන්දියවේ මහත්මා ගාන්ධි විසින් සියලු ජාතීන් එක් කර ඉන්දියානු ජාතියක් බිහි කළා. එයට අනුගත නොවූ අය පකිස්ථානය බංගලිදේශය වැනි රටවල් බිහිකර ගත්තා. අදටත් ඔවුන් ළඟ ඇති අපි ඉන්දියානුවෝ කියන සංකල්පය ඇති කලේ මහත්මා ගාන්ධි. මේ වෙනකම් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් සමාජ ගත කිරීමට ලංකාවේ කිසිම ජන නායකයෙකුට නොහැකි වුනා මෙන්ම ඔවුන් ඒ සඳහා කැපවුණේ නැහැ.

ඩයස්පෝරා ලෙස වෙන්වූ ද්‍රවිඩයන්, පකිස්ථානය දිනන විට රතික්ඥ පත්තු කරන මුස්ලිම් ජාතිකයන්. සහ ජාතිවාදී සිංහලයන් සිටින තෙක් අපි ශ්‍රී ලාංකිකයෝ කියා සංකල්පයක් ඇති නොවේ. අනාගත ලංකාව වෙනුවෙන් අප පරාජය කල යුත්තේ ඉහත දේවල් වේ.

ශ්‍රී ලාංකික ජාතියක් වෙනුවෙන් සැවොම පෙළ ගැසෙමු.

Tuesday, September 9, 2014

රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව.(Is Sinhalese becoming a minority?)

යමෙක් අන් මත විවේචනය කරයි නම් මුලින්ම තම මතය නිවැරදිදැයි මුලින්ම විමසා බැලිය යුතුය තමන් වැරදිනම් සිදුවන්න්නේ තමාම විවේචනයට ලක්වීමකි. මේ සිද්දියට ලක්වන පුද්ගලයා නම් මාතලන්ගේ බ්ලොග් එකෙහි පලකරන ලද "සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි" නම් ලිපිය ලියන ලද චානුක වත්තේගම නම් පුද්ගලයාය.

ඔහු විසින් ලියන ලද ඉහත සඳහන් ලිපිය අනුව පැහැදිලිව පෙනෙන කරුණක් නම් ඔහු තම මතය ප්‍රකාශ කිරීමට අවශ්‍ය දත්ත පමණක් ගෙන අන් දත්ත නොසලකා ගණනය කිරීමයි මෙයට හේතුව ඔහුගේ නොදන්නා කමද නැත්නම්  තමන්ට සිදුවන වාසියක් හේතුවෙන් වැරදි මතයක් පෙන්වීම සඳහා ලැජ්ජාවක් රහිතව අංක විද්‍යාවක් පෙන්වීමද?

මුලින්ම ඔහු විසින් පෙන්වන ලද පළමු වගුව සලකමු 

සිංහල
දෙමළ
මුස්ලිම්
ඉන්දියානු දෙමළ
වෙනත්
1981 තත්ත්වය
73.95 %
12.71 %
7.05 %
5.51 %
0.78 %
2011
තත්ත්වය
74.88 %
11.12 %
9.23 %
4.16 %
0.52 %
දෘශ්‍ය වෙනස
0.93 %
- 1.5 %
2.18 %
- 1.35 %
0.04 %
සත්‍ය වෙනස (සංඛ්‍යාත්මක)
4,184,420
384,024
822,920
23,623
- 9,000
සත්‍ය වෙනස (පෙර තරමට ප්‍රතිශතය)
38.2 %
20.35 %
78.61 %
2.89 %
- 7.82 %

මේ වගුව ඇසුරෙන් ඔහු සඳහන් කල දේ බලමු 

"සිංහල ජනතාව වඳ වේය යන මතය ගොඩ නඟන්නන් ඒ සඳහා උපයෝගී කොට ගන්නේ පළමු පෙළ තුනෙහි ඇති ඉලක්කම්ය. 1981 සිට 2011 දක්වා ජනවර්ග අනුපාතයන්හි යම් වෙනසක් සිදුවේ. සමහර ජන වර්ග ප්‍රතිශතයක් වශයෙන් වැඩිව ඇත. සමහර ඒවා අඩුව ඇත. නිදසුනක් හැටියට සිංහල ප්‍රතිශතය 74% පමණ සිට 75% ක් වෙද්දී මුස්ලිම් ප්‍රතිශතය 7% පමණ සිට 9.2% ට ඉහළ යයි. බැලූ බැල්මට “අපේ රැහැ” පොඩ්ඩකින් ප්‍රසාරණය වෙද්දී  “උන්ගේ රැහැ” මාර විදිහට පිම්බී ඇත. එසේම මේ දෙක අතර දෘශ්‍ය වෙනස සිංහල බෞද්ධ බහුතරය බිය ගන්වන සුළුය."

"මම මෙහි දෘශ්‍ය වෙනස සේ දක්වා ඇති ඉලක්කම් සීරියස් නොගනිමි. එය සංඛ්‍යාකයක් වශයෙන් අවැදගත් වනවා පමණක් නොව වැරදි චිත්‍රයක්ද මවා පායි. ඊට වඩා අදාළ හා වැදගත් අවසාන පෙළ  දෙකෙහි ඇති දත්තය. එකක් සංඛ්‍යාත්මකව එක් එක් ජනවර්ගය වසර තිහක් තුළ ප්‍රසාරණය වූයේ කවර ප්‍රමාණ වලින්ද දක්වයි. අවසාන පෙළෙහි දැක්වෙන්නේ 1981 දී එක් එක් ජනවර්ගයන්හි ප්‍රමාණයට සාපේක්ෂව 2011 දී එම ජනවර්ගය ප්‍රසාරණය වී ඇති ප්‍රමාණයයි."

ජනග්‍රහණ වර්ධනය සඳහා අනාවැකි කීම සඳහා යම් තරමින් හෝ භාවිතා කලහැක්කි දත්තයකට මෙහි ඇත්තේ අවසාන පේලිය පමණි එය මගින් 1981 සිට 2011 අතර කාලය සඳහා ජනග්‍රහණ වර්ධන වේගය ගණනයට  අවශ්‍ය දත්තයක් ලැබේ. මෙමගින් පෙනෙන කරුණ නම් මුස්ලිම් ජනයාගේ  ජනග්‍රහණ වර්ධන වේගය සිංහලයාගේ මෙන් දෙගුණයක් වන බවයි සිංහල සහ මුස්ලිම් ජනග්‍රහණ වර්ධනය අනාගතය සඳහා එස්ටිමෙට් කිරීමට වැදගත්ම දත්තය එයයි. එනම් මෙහි වැදගත්ම පේලිය වන්නේ අවසාන පේලිය වේ.  චානුක වත්තේගම විසින්  "වැදගත් අවසාන පෙළ  දෙකෙහි ඇති දත්තය" ලෙස සඳහන් කලද අවසාන පේලිය ඇසුරෙන් කිසිම නිගමනයක් නොකරයි. එය ඇසුරෙන් නිගමන පවසන්න ගියානම් ඔහුට කියන්න වන්නේ වෙනත් දෙයකි. 

එම නිසා ඔහු ඉහත වගුවේ 4 වන පේලිය ඇසුරෙන් මෙසේ ගොන් කතාවක් පවසයි "උදාහරණයක් හැටියට මේ කියන වසර තිහ තුළදී මුස්ලිම් ජනහගණයේ ප්‍රසාරණය ලක්ෂ අටකි. ඒ කාලයටම අනුරූප සිංහල ජනගහණයේ ප්‍රසාරණය එමෙන් පස් ගුණයකට ආසන්න අගයක් ගනියි. ලක්ෂ හතළිස් එකක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් ලක්ෂ අටක ප්‍රසාරණයක් ඇති ජනවර්ගයක් තමන්ගේ තැන ගනිතැයි අනියත බියක් පළ කර ගැන්ම තරම් තවත් ගොන් කමක් වේද?" ජාතීන් දෙකක ජනග්‍රහණ වර්ධනය සැසදීමේදී අනාවැකි පැවසීමේදී වැදගත්ම කරුණ වන වර්ධන වේගය අමතක කර ඔහු ප්‍රමාණ සැසදීම කරයි.  පසුගිය 30 වසර තුල අප ඔවුන් මෙන් පස් ගුණය කින් වැඩි වුවත් ඔවුන්ගේ වර්ධන වේගය වැඩි නිසා ඊළඟ 30 වසර තුල අප ඔවුන් මෙන් 3-4 ගුනයකටද තව කල් යාමේදී අප වැඩිවන ප්‍රමාණයට සමාන ප්‍රමනයකටද පැමිණේ අවසානයේ ඔවුන් අප පසුකර යයි.(අනාගතය සඳහා අගයන් විද්‍යානුකුලව ගණනය කර ඇති වගු අවසානයෙදේ පෙන්වමි) 

දැන් ඔහුගේ දෙවන වගුව සලකා බලමු 
ලංකාවේ ජනවාර්ගිකමය වාර්ෂික වර්ධනය (1911 සිට 2011 දක්වා)
දශකය (ආරම්භක වර්ෂය)
සිංහල %
දෙමළ %
මුස්ලිම් %
ඉන්දියානු දෙමළ %
වෙනත් %
1911
1.0
(0.2)
0.6
1.2
1.8
1921
1.3
1.4
1.3
2.6
1.2
1931
1.7
1.2
1.4
(0.3)
1.4
1941
1.8
1.7
2.0
2.0
(0.3)
1951
2.5
2.4
2.5
1.3
(14.4)
1961
2.2
2.3
2.5
0.6
7.1
1971
1.7
2.5
1.8
(4.3)
0.9
1981
1.5
1.4
2.0
0.8
2.3
1991
1.0
0.3
2.0
(0.2)
(1.4)
2001
0.9
0.3
1.7
(0.2)
(1.7)
(මෙය  චානුක වත්තේගම විසින් කරන ලද ගණනයකි )

මෙය ඇසුරෙන් ඔහු පවසන මෙම කරුණ හැර අන් කරුණු සත්‍ය වේ නමුත් ඔහු විසින් අසත්‍යයි කියන දෙය සත්‍ය වීමට අවශ්‍ය හොඳ සාක්ෂියක් මෙමගින් ඔහු සඟවයි(ඔහු ඔහුගේ මතය ඉලිප්පීමට මෙම සත්‍ය කරුණු සැඟවෙන්නේ හිතාමතාම පුද්ගලික වාසියක් සඳහාද නැත්නම් මෝඩ කම නිසාද)
"2. සාමාන්‍ය හා සාමකාමී අවස්ථා වලදී මේ ජනවර්ග තුනේම වාර්ෂික වර්ධන වේගයින් දළ වශයෙන් සමානය. උදාරහණයක් හැටියට 1931 දශකයේ සිට 1981 දශකය දක්වා දත්ත සලකන්න. දර්ශකයක් සේ 1951 න් ඇරැඹෙන දශකය ගනිමු. මේ දශකයේ ප්‍රධාන ජනවර්ග තුනෙහිම වර්ධනය ඉතාම සමීප අගයන් ගනියි."

අප සම දන්නා කතාවක් නම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය තුල දරුවන් සාදන ලද අපගේ සීයලා ආච්චිලා සහ අම්මලා තාත්තලා දරුවන් 4-5 වත් සාදන ලද බවයි මේ කාලයේ සිංහල පවුල්වල ළමයින් හැදීම ද මුස්ලිම් පවුල්වල ළමයින් හදීමද අතර ලොකු වෙනසක් නොවිණි. නමුත් 1981 පසු සමාජ ගතකරන ලද උපත්පාලනය හා එයට අධාල පෙළඹවීම් නිසා සිංහල සමාජයේ ළමයින් හැදීම අඩුවිය නමුත් මුස්ලිම් සමාජයට එය ලොකුවට බලපෑවේ නැත.  1981 පසු ළමයින් හදන ලද අපගේ මාමාලා නැන්දලා ළමයින් හැදුවේ 4  කට අඩු ප්‍රමාණයකි එසේම 2001 පසු ළමයින් හදන අපේ යාළුවන් ළමයින් හදන්නේ 1-2 කි නමුත් මුස්ලිම් සමාජයේ මේ තත්වය ලොකුවට නැත. 1981 පසු ලංකාවේ මුස්ලිම් හැර අන් ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය අඩුවීමට හේතුව මෙයයි. එනම් 1931 දශකයේ සිට 1981 දශකය දක්වා කාලය සියලු ජාතිවල ජනග්‍රහණ වර්ධන වේගය සමාන වුවත් උපත්පාලන ක්‍රම නිසා සිංහලයන්ගේ ජනග්‍රහණ වර්ධන වේගය මුස්ලිම් අයගේ මෙන් අර්ධයක් වනතෙක් අඩුවිය (1991 සහ 2001 සඳහා වගුව බලන්න)

මෙමගින් පෙනෙන්නේ ඔහු විසින් ගණනය කරන ලද මේ වගුවෙන්ම පැහැදිලිවන කාලය සමග සිදුවූ සිංහල ජාතියේ වර්ධන වේගය අඩුවීම ගැන නොපවසා තම මතය හුවාදැක්වීමට බයිලා කියන බවයි. 

දැන් අපි ඔහු ඉදිරිපත් කල 3 වගුව සලකමු 
ලංකාවේ සිංහල හා අනෙකුත් සියළු ජනවර්ග ප්‍රතිශතයක් සේ (1911 සිට 2011 දක්වා)
සංගණන වර්ෂය
සිංහල (ප්‍රතිශතය)
අනෙකුත් සියළු (ප්‍රතිශතය)
1911
66
34
1921
67
33
1931
65
35
1945
69
31
1953
69
31
1963
71
29
1971
72
28
1981
74
26
1989
74
26
2001
74
26
2011
75
25
(මෙය  චානුක වත්තේගම විසින් කරන ලද ගණනයකි )
තමා සියලුදේ දන්නවා සිතා ඔහුගේ මතයට විරුද්ද සියලු දෙනා මෝඩයන් සහ හරක් මෙන් දුටුව චානුක වත්තේගම ගේ නොදන්නුවත්කම පෙන්වන හොඳම උදාහරණය මෙයයි. මේ ගැන ඔහු කියන දේ බලමු

"සිංහල ජනවර්ගයක් සේ මොනම ආකාරයකින් වත් (අනෙකුත් ජනවර්ගයින්ට සාපේක්ෂව) ඍණ වර්ධනයක් නොපෙන්වන බැව් මෙයින් ඉතා පැහැදිළිව ඔප්පු වේ. පසුගිය සියවසෙක පමණ කාලය තුළ ඉතාම සුළු වශයෙන් වුවද වී ඇත්තේ (අනෙකුත් ජනවර්ගයන්ට සාපේක්ෂව) සිංහල ජනවර්ගයක් සේ නොකඩවා වර්ධනය වීමයි. නැවත කියමි: නොකඩවා වර්ධනය වීමයි."

අනිවාර්යෙන්ම මෙතනදී චානුක වත්තේගම සත්‍ය පවසයි  ඔහුගේ වගුව අනුව මෙන්ම අතටම සිදුවුයේ එයයි නමුත් ඔහුකරන වැරැද්ද නම් අවසානයේ මේ වගුවේ පරිදි සිංහලයා අනාගතයේදීද වර්ධනය වනබව කියවන්නන්ට දැනෙන සේ මෙසේ කියයි.

"මේ නිසා මොනම ආකාරයකින්වත් සිංහල ජනවර්ගය වඳවීමේ හෝ සුළුතරයක් වීමේ පෙනෙන අවදානමක් නොපවතී. ඔබ බිය වන්නේ ඒ නිසා නම් අද සිට ඔබට බිය සැක නැතිව නිදා ගත හැකිය."

සිදු නොවන්නේ එයයි. ඔහු මෙතනදී ගණිත දැනුමක් අඩු පාඨකයාට ඉදිරියත් මෙසේ මෙම වගුව පරිදි සිංහලයන් වර්ධනය වේ යයි ඉඟි කරයි නමුත් එය සිදුවන්නේ තව දශක කිහිපයක් දක්වා පමණි මේ බව මම විද්‍යානුකුලව අන්තිමට පෙන්වමි දැන් බලමු චානුක වත්තේගම වරද්දා ගත්තේ හෝ අපට වරද්දන්න යන්නේ කොතනද කියා.

කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය යනු අදාළ රාශි දෙක රේඛීයව බැදී පවතින්නක් නොවේ.  කාලය සමග ජනසංඛ්‍යා ප්‍රතිශතය විචලනය රේඛීයව බැදී පවතීනම් ඉහත 3 වගුවම දීර්ග වී දිගටම සිංහල ජන අනුපාතය වැඩිවේ. චානුක වත්තේගම අපිට පෙන්වන්න ගියේ එයයි. නමුත් එසේ නොවේ ඒ බව පෙන්වීමට මම 1991 සහ 2011 යන වර්ෂවල සංඝණන දත්ත ඇසුරෙන් ලබාගත් එක් එක් ජන වර්ගවල වර්ධන වේගය දිගටම පවතීයි උපකල්පනය කරමින් ඉදිරි සංඝණන පවත්වන වර්ෂ සඳහා නිමානය කරන ලද ජනසංඛ්‍ය පහත ප්‍රස්ථාරයේ පෙන්වයි. මෙහි 2011 සඳහා සත්‍ය අගයන්ද ඉන්පසු ගණනය කල අගයන්ද වේ.

ශ්‍රී ලංකාවේ ජාතීන් අනුව ජනසංඛ්‍යා වර්ධනය
මේ අනුව පෙනෙන්නේ වත්මන් ජන වර්ධන වේගය දිගටම පැවතුනහොත් 2261 වනවිට සිංහල සහ මුස්ලිම් ජන සංඛ්‍යා සමාන වන බවයි ඉන් පසු සිංහලයන් සුලුජාතිය බවට පත්වේ.

දැන් බලමු මෙම වර්ධනය යටතේ ජනවර්ග වල ප්‍රතිශතය වෙනස්වන ආකාරය.
ශ්‍රී ලංකාවේ ජාතීන් ගේ අනාගත ප්‍රතිශතය
මෙම ප්‍රස්ථාරයෙන් පෙනෙන්නේ 2041 වනතෙක් සිංහලයන්ගේ ප්‍රතිශතය ඉහල යන බවයි ඉන් පසු එය ක්‍රමයෙන් පහල බැස 2261 දී මුස්ලිම් ජන ප්‍රතිශතය සමග සමාන වේ. චානුක වත්තේගම ඉදිරිපත්කල 3 වගුව ට මෙම ප්‍රස්ථාරයේ 2011 දක්වා අගයන් සමාන වේ ඉන්පසු ඔහු විසින් පෙන්වන්නට ගිය පරිදි සිංහල ජන අනුපාතය වැඩිවේ නමුත් නිදහසේ නිදාගත හැක්කේ 2041 ජන සංගණනය දක්වා පමණි ඉන්පසු සිංහල ජන අනුපාතය දිගටම අඩුවේ.

කලින් මම සඳහන් කල පරිදි මෙම අනුමානය වලංගු වන්නේ පසුගිය වසර 20 පැවතුන ජන වර්ධන වේගය දිගටම තිබුනොත් පමණි නමුත් දැනට පෙනෙන විදියට පහත හේතු නිසා සිංහල ජන වර්ධන වේගය ඉහත සඳහන් ගණනයට භාවිතා කල අගයට වඩා අඩුවේ එසේම මුස්ලිම් ජන වර්ධන වේගය වැඩිවේ.

  • 80 දශකයේ හදුන්වාදුන් උපත්පාලන ක්‍රම නිසා එම කාලයෙන් පසුව බිහිවූ පිරිස අඩු අගයක් ගැනීම නිසා සිංහල සමාජයේ සිටින බාල සහ තරුණ පරපුර මුස්ලිම් අයට වඩා බොහෝසෙයින් අඩුවීම නිසා අනාගත වාර්ෂික සිංහල දරු උපත් අඩුවීම
  • ඉහත පෙන්වූ පරිදි සිංහල අතර මුස්ලිම් අයට වඩා වැඩි ප්‍රමාණයක් සිටින 80 දශකයට පෙර උපන් අය මිය ගිය පසු ජන විශාලව ප්‍රමාණය පහත වැටීම 
  • මුස්ලිම් අය බහුල විට සිංහලයන් සහ ද්‍රවිඩයන් ඒ ආගමට හැරීයාම වැඩිවීම.
  • මුස්ලිම් අය බහුල වනවිට ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා නිසා සිංහලයන් සහ ද්‍රවිඩයන් ඝාතනය වීම සහ රට හැරයාම(මේ සිද්දි මුස්ලිම් ජන අනුපාතය 25% වැඩි රටවල දැනට සිදුවේ.)
එබැවින් ඉහත ගණනය කල කාල වලට බොහෝ කලින් මේවා සිදුවන බව සත්‍යයකි. අනිවාර්යෙන් මම 2041 න් වනවා සිංහල ජන අනුපාතය දිගටම අඩුවීමට පටන්ගැනීම බොහෝවිට එයට පෙර අපගේ ජීවිත කාලය තුල දැකගත හැකිවනු ඇත. එම නිසා එතෙක් සැපසේ නිදාගන්න. අන්අයටත් එසේ කරන්න කියන්න.

අවසාන වශයෙන් කිව යුත්තේ ඕනෑම කෙනෙකුට ඕනෑම අදහසක් දැරීමට නිදහස ඇත නමුත් තම මතය යනු නිවැරදි මතයම නොවන නිසා එය සමාජ ගතකිරීමට පෙර දෙවරක් සිතිය යුතුය. එම නිසා දැන හෝ නොදැන වැරදි මත සමාජ ගත කිරීම වරදකි. විශේෂයෙන්ම තම මතයට විරුද්ද අයට ගොනා මෝඩයා කීම උගතුන්ගේ වැඩක් නොවේ. එය මෝඩ ගොන් වැඩකි. 
තමන් නොදන්නා අනුන් ලියන ලද රෙද්දවල් පල කිරීමට ප්‍රථම විමිසිලිමත් වන ලෙස මාතලන් ගෙන් ඉල්ලමි.

ප.ලි.
චානුක ලියන ලද ලිපිය රාවය පුවත්පතේද පලවී ඇත. ඒ ගැන මා දැනුවත්කළ නිර්නාමික සොයුරාට ස්තුතියි. මෙන්න රාවය ලිපිය. 
තම දේශපාලන මතය තහවුරු කිරීම පිණිස නිසි විමර්ශනයකින් තොරව ඕනෑම කුණුගොඩක් පුවත් පත් වල පලවන බවට මෙය හොඳ උදාහරණයකි.